Sunday, September 8, 2024

General line - 0115112241

නේපාලයට ලගම මිතුරාගෙන් සුබ පැතුමක්

චිරාන් ධර්මසේන




තුන්වන වරටත් නේපාලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ කේ පී ෂර්මා ඔලි වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුභ පැතුම් පළ කර තිබෙනවා.

ඕලිගේ පාලන සමය තුළ දෙරට අතර ගැඹුරු මිත්‍රත්වය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේ.

“ඔබ නේපාලයේ අගමැති ලෙස පත්වීම ගැන සුභ පැතුම් @kpsharmaoli. අප දෙරට අතර මිත්‍රත්වයේ ගැඹුරු බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අපගේ ජනතාවගේ ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා අපගේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව පුළුල් කිරීමට සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. @PM_nepal_” යනුවෙන් නරේන්ද්‍ර මෝදි සිය X ගිණුමේ සටහනක් තබා තිබුණා.

හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් ඔහුට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංගයෙන් ඉකුත් දා පරාජයට පත් වුණා.

ඉන් පසුව නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් විසින් එරට මීළඟ අගමැති ලෙස පත් කරනු ලැබුවේ කේපී ෂර්මා ඔලි යි.

නේපාල කොංග්‍රසයේ සහාය ඇතිව එම තනතුර සඳහා හිමිකම් පෑ එකම නායකයා ඔලි ය.