Friday, October 18, 2024

General line - 0115112241

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය අද




2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය අද රාත්‍රී 07.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඒ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ ගෝල් මාර්වල් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව ඇති අතර ගෝල් මාර්වල් කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබෙනවා.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අවස්ථා තුනකදී ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ඇති අතර ගෝල් මාර්වල් කණ්ඩායම අවස්ථා දෙකකදී අනුශූරයන් බවට පත්ව තිබෙනවා. 

මේ අතර ඊයේ රාත්‍රියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තියුණු තරගයකින් පසුව එක් ලකුණකින් ජය හිමිකරගත්තා.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 54ක් තුළදී වේගවත් ලකුණු 105ක් රැස්කළා.

තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුසල් මෙන්ඩිස් සඳහන් කළේ තමන් ලබාගත් ශතකය පිළිබඳ තමන් සතුටු වන බවයි.


අවසන් පන්දු වාරය තුළදී තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා සැරසුණු ආකාරය පිළිබඳව ද කුසල් මෙන්ඩිස් අදහස් පළ කළා.