පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අසල අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ, එක්සත් ජාතික පක්ෂය නඟා සිටුවීම සඳහා සංදේශයක් භාර දීමට සිරිකොතට පැමිණි ‘අරටුව’ සංවිධානයේ පිරිසකට ප්රහාරයක් එල්ලවීම හේතුවෙන්.
වාහන කිහිපයකින් පැමිණි පිරිසක් තමන්ට පහරදුන් බවයි අරටුව සංවිධානයේ නියෝජිතයන් පැවසුවේ.