Sunday, September 8, 2024

General line - 0115112241

විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමේ




2024 විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 02ටයි.

එමෙන්ම එම කාණ්ඩය යටතේම තවත් තරගයක් බංග්ලාදේශ සහ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

එම තරගය රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.

‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ තායිලන්ත කණ්ඩායම් මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන සිටිනවා.

මේ අතර 2024 විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග දෙකක් ඊයේ පැවැත් වුණා.

ඒ අනුව නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගැනීමට පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

පකිස්ථානය එම තරගය ජයගනු ලැබුවේ කඩුලු 09කින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 108ක් රැස් කළා.

පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම තරගය ජයගනු ලැබුවේ පන්දුවාර 11යි පන්දු 05ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 110ක් රැස් කරමින්. 

මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 78කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 201ක් රැස්කළා.

කෙසේවෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 123ක් පමණයි.