Sunday, September 8, 2024

General line - 0115112241

චමරි අතපත්තුගෙන් තවත් ශතකයක්




2024 විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග දැන් පැවැත්වෙන තරගයේදී නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වුණා.

පන්දු 69කට මුහුණ දුන් චමරිගේ ඉණිමට හයේ පහර 07ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වුණා.

අනුශිකා සංජීවනී ලකුණු 31යි. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 184ක් රැස්කළා.

ජයග්‍රාහී ලකුණු 185ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මැලේසියානු කාන්තා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 05යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 17ක් රැස්කරගෙන සිටියා.