Sunday, September 8, 2024

General line - 0115112241

විස්සයි විස්ස නායකත්වය චරිත් අසලංකට




ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කර ඇත්තේ චරිත් අසලංකයි.

කලකට පසු  දිනේශ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු එම සංචිතයට නම් කර සිටීම විශේෂත්වයක්.

පසුගියදා නිමාවට පත් වූ එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගත් චමිදු වික්‍රමසිංහ ද මෙම සංචිතයට කැඳවා තිබෙනවා.

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ , මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයින්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 27, 28 සහ 30 යන දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. 

මේ අතර ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමිත බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා.