Friday, October 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රියේ පැවති තායිලන්තයට එරෙහි තරඟය කඩුලු 10කින් ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් තායිලන්ත කණ්ඩායමට කඩුලු 07ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 93ක් පමණයි.

එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. චමරි අතපත්තු හයේ පහර 04ක් සමග නොදැවී ලකුණු 49ක් රැස් කළා. 

ඒ අනුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටය හෙට පැවැත්වෙනවා.

පළමු තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

දෙවන තරඟය ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙනවා.  

මේ අතර ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයද ලබන සෙනසුරාදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති සූදානම සම්බන්ධයෙන් වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස අදහස් පළ කළා. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමුව පැවැත්වෙන්නේ තරඟ 03කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියයි.