Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කරයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේවන විට ආරම්භ වී තිබෙනවා. ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීම සඳහා සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පිටියට පිවිසියා.

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක ද පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

එම තරග දෙක හෙට සහ ලබන 30 වනදා පැවැත්වීමට නියමිතයි.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 02 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

එම තරගාවලියේ ඉතිරි තරග දෙක අගෝස්තු මස 04 සහ 07 යන දිනයන්හීදී පැවැත්වීමට නියමිතයි.