Saturday, November 23, 2024

General line - 0115112241

බලු සුරතලාට අධික ලෙස ආහාර දුන් නිසා අධිකරණයෙන් අයිතිකරියට සිරදඬුවම් 




නවසීලන්ත කාන්තාවක් නිවසේ ඇති කරන ලද බලු සුරතලා මියයෑම හේතුවෙන් එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් සහ නවසීලන්ත ඩොලර් 1,222 ක දඩයක් නියම කර තිබෙනවා.

තවද අධිකරණය විසින් ඇයට වසරක කාලයක් බල්ලන් සුරතලෙට ඇතිකර ගැනීමටද තහනම් කර තිබන බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ.

මෙලෙස ඇයට අධිකරණය විසින් දඬුවම් ලබා දී තිබෙන්නේ ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර ලබා දීම නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

එහි ප්‍රතිඵලයක් ලෙස අධික ලෙස තරබාරු වූ මෙම සුරතලා ඇවිදීමට පවා නොහැකි වී ඇති අතර අවසානයේ දී මියගොස් තිබෙනවා 

නුගායි නමැති මෙම බලු සුරතලා මියයන විට  බර කිලෝ 53 ක් ව තිබු බවත්  නුග්ගිගේ අධික මහත නිසා වෙදනලාව භාවිතා කර ඔහුගේ හෘද ස්පන්දනය හඳුනා ගැනීමට පවා  නොහැකි වූ බවයි පශු වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ 

සුරතල් සුනඛයාට වියළි ආහාර සමඟ දිනකට කුකුළු මස් කැබලි 10 ක් පමණ ලබා දී ඇති අතර  නුග්ගිට මීටර් 10 ක් පමණ ගමන් කිරීමට පවා වෙහෙසක් දැරීමට සිදු වූ  බවත්  හුස්ම ගැනීමට තුන් වතාවක් විරාමයක් ලබා ගැනීමට නැවතීමට සිදුවී තිබුන බවයි පශු වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ

සත්ව හිංසනය වෙනුවෙන් පෙනී සිටින ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනය නුගායි වෙනුවෙන් ඇගේ හිමිකරුට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට මැදිහත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.