Wednesday, January 15, 2025

General line - 0115112241

තවත් සිවිල් යුද්ධයක් ගැන වජිරගෙන් අනතුරු ඇගවීමක්




පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති ආර්ථික පරිවර්තන පනත අබිබවා කිසියම් කණ්ඩායමක් කටයුතු කළහොත් සිවිල් යුද්ධයක් ඇති විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.

ජනාධිපතිවරයා කිසිදු පක්ෂයක් කඩා වෙන් කර නොමැති බවයි මෙහිදී පැවසුවේ. 

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයාට පූර්ණ සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවයි. 

රට ඉදිරියට ගෙන යා හැක්කේ මෙවන් එකතුවක් තුළින් පමණක් බවට එහිදී පැවසූ ජනාධිපතිවරයා තම අරමුණ සියලුදෙනා එක් කර ගැනීම බවද ප්‍රකාශ කර තිබෙනවා.