Wednesday, January 15, 2025

General line - 0115112241

රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කරන බව මාලිමාව කියයි




රටේ ආර්ථිකය සහ ජනතාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් සිය පක්ෂය සකස් කර ඇති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එම පක්ෂයේ ආර්ථික කමිටුව නියෝජනය කරන සාමාජිකයෙකු වන චතුරංග අබේසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ යටතේ ලොව කිසිදු රටක් ප්‍රගතියක් අත්කරගෙන නොමැති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මෙම වැඩසටහනට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පැවසුවේ මෙරට රාජ්‍ය යාන්ත්‍රණයද වෙනස් කළ යුතු බවයි.

එහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහද අදහස් පළ කළා. 

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේද ඇතුළත්.