Wednesday, January 15, 2025

General line - 0115112241

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 26ක් රෝහල් ගත කරයි




පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම    බස් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මහඔය දෙස සිට ධාවනය වූ පෞද්ලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

අනතුර සිදුව ඇත්තේ මහඔය - අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදීයි.

අනතුර සම්බන්ධයෙන් එක් බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.