Wednesday, January 15, 2025

General line - 0115112241

රට විනාශ කළ දේශපාලන ක්‍රමයට තිත තබන බව නව සන්ධානය පිහිටුවමින් සජිත් කියයි




එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළි දැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පෙරවරුවේ පැවැත්වුණා.

ඒ, “සැමට ජයක් - සමගි රටක්” යන තේමාව යටතේයි. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් 07 සහ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගද එක්ව සිටියා.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින් මනෝ ගනේෂන් හා කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් වී රාධාක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන්ද ඒ අතරට අයත්.

එමෙන්ම කඳුරට ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මීට අමතරව නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එම අවස්ථාවට එක්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසක්.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මෙම අවස්ථාවට එක්ව සිටියේ පුරවැසිකම බහුජන ව්‍යාපාරය නියෝජනය කරමින්. 

එම උත්සව සභාව ඇමතූ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රට විනාශයට පත් කළ දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා.