Wednesday, January 15, 2025

General line - 0115112241

විරෝධතා හමුවේ  බංගලාදේශ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වෙයි




බංග්ලාදේශයේ ඩකා:ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ෂෙයික් හසීනාට පක්ෂපාතියෙකු ලෙස සැලකෙන ඔබයිදුල් හසන්ට ඩකා අගනුවර උසාවියෙන් පිටත රැස් වූ විරෝධතාකරුවන් විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී මෙන් පසුවයි.

ඒ අනුව අගවිනිසුරුවරයා විසින් සම්පූර්ණ අධිකරණ රැස්වීම් කල්දමා ඇතැයි ප්‍රකාශ කර ඇති බවත් ඉල්ලා අස්වීමට "ප්‍රතිපත්තිමය වශයෙන්" ඔහු එකඟ වූ බව ජමුනා රූපවාහිනිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබයිදුල් හසන්ට සහ අභියාචනා අංශයේ විනිසුරුවරුන්ට අද එරට වේලාවෙන්  පස්වරු 1 වනවිට ඉල්ලා අස්වන ලෙස අවසාන නිවේදනයක් නිකුත් කර ඇති අතර විරෝධතාකරුවන් ඔවුන්ගේ නිවාස වටලන බවත් කොන්දේසි විරහිතව ඉල්ලා අස්වන ලෙසත්, සම්පූර්ණ උසාවි රැස්වීම නවත්වන ලෙසත් තර්ජනය කර තිබුනා 

මේ පිළිබඳව අන්තර්වාර ආණ්ඩුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක අසීෆ් මහමුද් ෆේස් බුක් වෙබ් අඩවියේ පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම බංග්ලාදේශ බැංකු ප්‍රධානී අබ්දුර් රූෆ් තලූකේදාර් ඉල්ලා අස්වී තිබෙනවා.

විරෝධතාකරුවන් මහ බැංකු මූලස්ථානයටද  කඩා වැදී දින කිහිපයකට පසුවයි මෙම ඉල්ලා අස්වීම සිදුවී තිබෙන්නේ.

මේ අතර බංග්ලාදේශයේ පවතින විරෝධතා හේතුවෙන් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

තම ආරක්ෂාව තහවුරු කරන තුරු නැවත සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් පොලිස් නිලධාරීන් ද  වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.