Sunday, October 6, 2024

General line - 0115112241

වතු කම්කරුවන් ගැන තීරණයක් ගන්න ජනපති සැරසෙයි




වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස  ලබන  සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ  නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ලංකා කම්කරු කොංග්‍රසය විසින් මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.


මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.


පාර්ලිමේන්තු මන්ත්‍රී එම් රාමේෂවරන් ද එහිදී අදහස් පල කළා.