Thursday, October 31, 2024

General line - 0115112241

පාඨලීගෙන් මාලිමාවට අභියෝගයක් 




දුෂණයට එරෙහි බව පවසමින් ෆයිල් රැගෙන තැන තැන යන මාලිමාවට මෙරට දේශ සීමාව ඉන්දියාවේ පෙට්ටි කඩයකට විකුණු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නම අමතක වී ඇති බවත් හැකිනම් ජාතික සම්පත් සුරකින්න බවට තරුණයන් රවටමින් කතා පවත්වමින් යන මාලිමාව ටිරාන් අලස් මහතාට 'හොරා' කියා ප්‍රසිද්ධියේ කියන ලෙසට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අභියෝග කරන බව පවසනවා 

ඔහු මේ බව පවසා සොටෝයේ ඊයේ පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේ පවත්වනු ලැබූ එක්සත් ජනරජ පෙරමුණු පිළියන්දල ජනහමුව අමතමිනි.

එහිදී ජනහමුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්:

" අද මේ රටේ මහජන ආරක්ෂක ඇමති කියන පුද්ගලයා මොකද කරලා තියෙන්නේ?
 මේ රටේ දේශ සීමාව ඉන්දියාවේ පෙට්ටි කඩයකට පාවා දීලා තියෙනවා. 

කෝ අද දේශප්‍රේමියෝ? කෝ අද ජාතික සම්පත් සුරකින්න කතා පවත්වපු කට්ටිය? ලංකා ඉතිහාසයේ කරපු ලොකුම වංචාව ඩොලර් මිලියන 2.7 ක්. 

දූෂණය ගැන ෆයිල් පෙන්න පෙන්න කතා පවත්වන අයට මහජන ආරක්ෂක ඇමතිගේ නම මතක නෑ, 

මේ දූෂණය මතක නෑ. ඇයි? මේගොල්ලෝ ඔක්කොම ගෙනියන්නේ දවල් මිගෙල් රෑ ඩැනියල් ක්‍රියාවලියක්. 

අපි මාලිමාවට විවෘත අභියෝගයක් කරනවා පුළුවන්නං ටිරාන් අලස්ට 'හොරා' කියලා පෙන්නන්න. ඔහුගේ විදේශ රටවල් වල තියෙන දේපොළ පිළිබඳව ගිය අවුරුද්දේ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළා. 

හරිනම් මොවුන් අරගෙන යන්න ඕන නේද අල්ලස් දූෂණයට? ඒ නිසා අපි කියනවා 

ඒ මහත්තයට, ඔයාට දඬුවම් දෙනකම්ම අපි මේ අරගලය ගෙනියනවා කියන එක. 

ආගමන විගමන පාලකතුමාටත් බොහොම පැහැදිලිව අපි කියනවා. දූෂිත ෆයිල් කාරයෝ තරුණ සම්මේලනවල කතා පවත්වනවා, විදේශ වලට ගිහිල්ලා කතා පවත්වනවා. 

හැබැයි රටේ දේශසීමාවෙන් එලියට යන්න ඇතුලට එන්න තියෙන ඩොලර් ටික වළක්වලා තියෙන මේ දූෂණය ගැන නිහඬයි. 

ඒ නිසා අපි නිහඬ වෙන්නෑ. අපට එයාගේ මාධ්‍ය වලින් මඩ ගැහුවත් අපි නිහඬ වෙන්නෑ. යුක්තිය ජය ගන්නා තෙක්ම අපි සටන් කරනවා.

දැන් ඊළඟ ජනාධිපතිවරණය ගැන අහනවා අපේ ස්ථාවරය මොකක්ද? ඕගොල්ලෝ ඉල්ලනවද? නැත්නම් අපේක්ෂකයෙකුට සහාය දෙනවද? කියලා අහනවා. 

අපි කරුණු කිහිපයක් අවධාරණය කරන්න කැමතියි. 

එක මේ රට සෘජුව හෝ වක්‍රව බංකොලොත්භාවයට පත් කිරීම වෙනුවෙන් වගකිවයුතු ජනතාව නොමඟ යවපු අපේක්ෂකයෝ ඉන්නවනම් ඒ කිසි අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය දෙන්න එපා කියලා රට දැනුවත් කරන ව්‍යාපාරයක් බවට මේ ජනාධිපතිවරණය අපි පත් කරගන්නවා. 

අංක දෙක ව්‍යාජ විප්ලවවාදී යෝජනා පරාජය කරලා මේ ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. 

මේ ස්ථාවරත්වය මත පදනම් වෙලා, රටේ ආර්ථික වර්ධනයක් ඇති කරගන්න. ණය ගෙවන්න පුළුවන් ශක්තිය තියෙන රටක් ඇති කරගන්නට, රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙල, දේශය වෙනුවෙන් එක්වන පියවරක් හැටියට අපි ඉදිරිපත් කරලා තියෙනවා. 

ඒ වැඩපිළිවෙල, ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි මේ ජනාධිපතිවරණය පාවිච්චි කරනවා.  

රටේ රාජ්‍ය නායකයාට හොඳ කණ්ඩායමක් ඕනේ. ඒ කණ්ඩායම් අත්හදා බලන්න වෙලාවක් නෑ. 

සමහරු මේ අලුත් අත්හදා බැලීම් කරනවා. ගෝඨාභය මහත්තයත් අත්හදා බැලුවා. 

මතකද? ධම්මික පැණිය අත්හදා බලලා තිස්දාහක් වලපල්ලට ඇරියා මතකද? ඒ වගේම ගොවිතැන අත්හදා බලන්න ගිහිල්ලා, රටේ රජකාලේ ඉඳන් ආපු, ගොවි ජනතාව යාචකයෝ බවට පත්කරපු හැටි මතකද? 

ඒ වගේ අත් බැලීම් කරන්නැතුව මේ රටත් පළපුරුදු කණ්ඩායමක් අතට අවංක පිරිසක් අතට නව පාර්ලිමේන්තු බලයක් කරා මේ ජනාධිපතිවරණය ගෙන යාම වෙනුවෙන් අපි මේ ජනාධිපතිවරණය පාවිච්චි කරනවා. 

මෙන්න මේ අපි කියපු කාරණාත් එක්ක අපි ඉදිරි දින කිහිපය ඇතුලත තෝරාගත් අපේක්ෂකයා කවුද? කියන එක ප්‍රකාශ කරනවා. 

ඒ අපේක්ෂකයා රටේ ඊළඟ නමවෙනි ජනාධිපති කිරීම සඳහා අපි එකාවන්ව අධිෂ්ඨානයෙන් ක්‍රියාකරන බව බොහොම පැහැදිලිව කියනවා."