Friday, November 22, 2024

General line - 0115112241

එංගලන්ත පිටියේදී අනතුරට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෛද්‍ය පරික්ෂාවකට




එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී අනතුරට ලක්වූ දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ස්කෑන් පරික්ෂාවකට යොමු කර තිබෙනවා.

ඔහු පන්දුවට පහර දෙමින් සිටියදී මාර්ක් වුඩ් එවන ලද පන්දුවක් මහපට ඇඟිල්ලේ වැදීම හේතුවෙන් අනතුරට ලක්වුණා.

කෙසේවෙතත් ඔහුගේ මහපට ඇඟිල්ලට බරපතල හානි සිදුව නොමැති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව යළිත් දිනේෂ් චන්දිමාල්ට ක්‍රීඩා කිරීමට හැකි බවයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.

ඔහු අනතුරට ලක්වන අවස්ථාවේ ලකුණු 10ක් රැස්කරගෙන සිටියා. 

එංගලන්තය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි.

තරඟයේ තුන්වන දිනය නිමාවන විට දෙවනි ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 204ක් රැස් කර ගෙන සිටියා.

එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 358ක් රැස් කළා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 236ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 82ක් ඉදිරියෙන් පසුවනවා.