ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
එහිදී යුක්රේනයේ තත්ත්වය ඇතුළු කලාපීය හා ගෝලීය ගැටලු පිළිබඳ අදහස් සාකච්ඡා කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
නායකයින් දෙපළ බංග්ලාදේශයේ තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඔවුන් බංග්ලාදේශය තුළ සාමාන්‍ය තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර රටේ සුළු ජාතීන්ගේ, විශේෂයෙන් හින්දු ජනතාවගේ ආරක්ෂාව සහතික කල යුතු බව ද පවසා තිබෙනවා.
මෙම සංවාදය සිදුවූයේ අගමැති මෝදිගේ පෝලන්තයේ සහ යුක්රේනයේ සංචාරයෙන් දින කිහිපයකට පසුවයි.
සාමය සහ ස්ථාවරත්වය ඉක්මනින් ලබාදීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය යුක්‍රේනයට ලබා දෙන බව අගමැති මෝදි එහිදී අවධාරණය කර තිබුණා.