Friday, November 22, 2024

General line - 0115112241

ජෝ රූට්ගේ ශතකයෙන් එංගලන්තය ප්‍රබල ස්ථානයක




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වන විට ප්‍රබල ස්ථානයකට පත් වීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා.

ඒ, සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 07ක් දැවී ලකුණු 358ක් රැස් කර ගනිමින්. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජෝ රූට් ලකුණු 143ක් රැස් කළා.

ඒ, හතරේ පහර 18ක් සමගින්. මෙම තරඟයේදී ජෝ රූට් වාර්තා කළේ සිය 33වන ටෙස්ට් ශතකයයි. ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 40යි.

දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ගස් ඇට්කින්සන් නොදැවී ලකුණු 74ක් රැස් කරගෙන සිටි අතර මැතිව් පොට්ස් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ ලහිරු කුමාර කඩුලු 02 බැගින් බිඳ හෙළනු ලැබුවා.

ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. තරඟය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදීයි.