Tuesday, September 17, 2024

General line - 0115112241

එංගලන්ත කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 483ක ඉලක්කයක්.




එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 430ක් රැස්කර ගත යුතු වනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ තවත් කඩුලු 08ක් පමණයි.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 427ක් රැස්කළා.

ඊට පිළිතුරු ලෙස සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 196ක් පමණයි.

ඉන් අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 251ක් රැස් කළා.

ජෝ රූට් පළමු ඉනිම සඳහා රැස්කල ලකුණු 143ත් සහ දෙවනි ඉනිම සඳහා රැස්කල ලකුණු 103ත් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීමට ලකුණු 483ක ඉලක්කයක් හිමි වුණා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු තරගය පුරා බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 08ක්. ලහිරු කුමාර ඉනිම් දෙකේදී ප්‍රතිවාදී කඩුලු 05ක් දවා ගත්තා.

තරගයේ තුන්වන දිනයේදී ජයග්‍රාහී ලකුණු 483ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 02ක් දැවී ලකුණු 53ක් රැස් කරගෙන සිටියා.

නිශාන් මදුෂංක ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 13ක් ලබා සිටියදී දැවී ගියා අතර පැතුම් නිස්සංක ද ලකුණු 14ක් ලබා සිටියදී දැවී ගියා.