Tuesday, September 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසිය එංගලන්තයට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.

දෙවනි ඉනිමේ ලකුණු 483ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 04ක් දැවී ලකුණු 163ක් ලබාගෙන සිටිනවා.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 427ක් රැස්කළා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 196ක් පමණයි.

ඉන් අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 251ක් රැස් කළා.

එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝ රූට් පළමු ඉනිම සඳහා රැස්කල ලකුණු 143ත් සහ දෙවනි ඉනිම සඳහා රැස්කල ලකුණු 103ත් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීමට ලකුණු 483ක ඉලක්කයක් හිමි වුණා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු තරගය පුරා බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 08ක්. ලහිරු කුමාර ඉනිම් දෙකේදී ප්‍රතිවාදී කඩුලු 05ක් දවා ගත්තා.