Saturday, November 30, 2024

General line - 0115112241

ගෝඨාභයගේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් කඩා වැට්ටුව බව නාමල් කියයි




ගෝඨාභේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් කඩා වැට්ටුව බවත් රට මේ දක්වා ආපස්සට ගිහින් මිසක් ඉදිරියට නොගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ  ජය තහවුරු කෙරෙන ජනරැළි මාලාවේ තවත් රැළියක් පැවැත්වූ දෙනියාය පිටපැද්දර නගරයේදී 


ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසා සිටියේ මෙවැන්නක්

" අපි මේ රටේ හැම ගමකටම වැඩ කරපු දේශපාලන පක්ෂයක්. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය සමග අපේ රටේ ගමේ ඉඳන් නාගරික අර්ධනාගරික නාගරික දක්වාම ගොඩනගපු දේශපාලන කණ්ඩායමක්. 

අපිට හැමතිස්සෙම ඕන වුණේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න. මෙරටේ ජනතාව ජයග්‍රහණය කරවන්න. 

දරුවන්ගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන තැනට රටේ ආර්ථිකයත් රටත් ගොඩනගන්න.

අපි ඒක කලා. නමුත් 2015 ගත්ත දේශපාලන තීන්දු තීරණ සමග අපි යම් පසුබෑමකට ලක්වුනා. 

ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පත් වෙනකොට එතුමාට භාරගන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා භාරගත්ත තැන නෙවෙයි. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 බාරගත්තේ දුප්පත් රටක්. 

මිලියන විස්සකට අඩු ආර්ථිකයක් තිබ්බේ. ඒක අසූවකට අසූ පහකට ගෙනල්ලා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රට භාර දුන්නේ.  

එතන ඉඳන් මේ දක්වාම අපි ආපස්සට ගිහින් මිසක් ඉදිරියට ගිහින් නෑ. 

ගෝඨාභේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කොවිඩ් වලට මුහුණ දුන්නා. 

අපි ජනතාව කොවිඩ් වලින් මැරෙන්න දුන්නෙත් නැහැ බඩගින්න මැරෙන්න දුන්නෙත් නැහැ. 

හැබැයි කුමන්ත්‍රණයකින් ඒ ආණ්ඩුව වැටුනා. 

ඒකට හොඳම උදාහරණය බංගලාදේශය. බංගලාදේශීය අග්‍රාමාත්‍යවරියට මුහුණ දෙන්න තිබුණු අභියෝගයට ආර්ථික ප්‍රශ්නයක් සම්බන්ධ නැහැ. 

ලංකාවේ අරගලය ආර්ථික ප්‍රශ්නයත් එක්ක ඇතිවුණා කිව්වට අවසාන ප්‍රතිඵලය ආර්ථිකයත් එක්ක බැඳිලා නැහැ. 

අවසාන ප්‍රතිඵලය අපේ රටට ගැලපෙන්නැති නීති අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරන තැනට සමාජය පරිවර්තනය කරපු එක. 

අවසාන ප්‍රතිඵලය සිද්ධවුණේ වෙසක් කූඩුව වෙනුවට කළු ඉටිකොළ වලින් කූඩු හදලා සංස්කෘතියට පහර ගහපු එක.

අරගලේ අවසන් උනේත් මේක තවදුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ කියන එක කියමින්. 

අරගලේ ආරම්භ වුණේ ආර්ථික ප්‍රශ්නයකින් නම් මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ කියන තැනින් අවසන් වෙන්න අවශ්‍ය නැහැ. 

පැහැදිලිවම මේ ආණ්ඩුව වට්ටන්න යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා.

අපි සංස්කෘතියට ගරු කරනවා. 

මේ බෞද්ධ ආගමත් එක්ක ගොඩනැගුණු රටේ හින්දු සංස්කෘතිය ඉස්ලාම් සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕන කියන තැන අපි ඉන්නවා. 

හැබැයි අපේ රට ගොඩනැගිලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය යටතේ. සංස්කෘතිය රකින්න අපිට වගකීමක් තිබෙනවා. යුතුකමක් ති⁣බෙනවා.

 රණවිරුවෝ දහස් ගණනක් ජීවිත පූජා කරලා බේරගත්තු රට  දේශපාලනික වශයෙන් පුද්ගලයෙකුට හෝ පක්ෂයකට බලයට එන්න නැවත වතාවක් පාවලා දෙන්න අපි සූදානම් නැහැ. 

අපි ඒකට ඉඩ තියන්නෙත් නෑ. යම්කිසි පිරිසක් හිතනවා නම් රණවිරුවෝ කොච්චර ජීවිත විනාශ කරගෙන මේ රට බේරගත්තත් මේ ඡන්දෙ දිනන්න අපි මේක දීල දාමු කියලා නෑ ඒ තැනට වැටෙන්න අපේ පක්ෂය සූදානම් නැහැ. 

අද විරැකියා ප්‍රශ්නය තිබෙනවා තිබෙනවා. රට කොච්චර ගොඩනැගුවා කිව්වත් යථාර්ථය තමයි ගමේ රැකියා අහිමි වෙලා තියෙනවා. 

රාජ්‍ය දේපළ විකුණලා ගන්න ආදායමකින් එදා වේල ජිවත් වෙන්න උත්සාහ ගන්න ආණ්ඩුවක් බවට අද පත්වෙලා තියෙනවා. 

ජනතාවගේ අසීමිත බදු බර බදු පිට බදු ගහලා හැමතිස්සෙම ජාත්‍යන්තර සංවිධානයක් විසින් දෙන උපදේශයක් කියන තැනට මේ රට පරිවර්තනය කරලා ඇඟ බේරගන්න දේශපාලනය අපි අනුගමනය කරන්නේ නැහැ. ප්‍රධාන ප්‍රතිපත්ති දිහා බැලුවම හැම ප්‍රතිපත්තියකම තියෙන්නේ මේ කාරණා පමණයි. 

මේවා කියනකොට අපි කල්පනාව එනවා මේ තුනම එක්කෙනාමද ලියලා තියෙන්නේ කියලා. සමහර ඒවගේ අකුරක්වත් වෙනස් නැහැ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඔබට මට අපට වගකීමක් තිබෙනවා රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්න. සංස්කෘතිය ආරක්ෂා කරන්න. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයා වෙළඳාම් කරන ජනතාව ආරක්ෂා කරන්න. 

ගමේ ව්‍යවසායකයා හැදුනොත් තමයි ගමේ රැකියා උත්පාදනය වෙන්නේ. දේශීය ආර්ථිකය දියුණු වුණොත් තමයි කම තුළ අලුතින් රැකීරක්ෂා හැදෙන්නේ.ඔබේ දරුවාට ආදායමක් උපයලා ආර්ථික නිදහස ලබාගන්න පුළුවන් අලුතින් රැකියා උත්පාදනය වුණොත් පමණයි. 

ව්‍යවසායකයන්ට අපි උදව් කළොත් පමණයි. අපි මේක තේරුම් ගත්ත දේශපාලන බලවේගයක්. 

දේශීය ව්‍යවසායකයාගේ ව්‍යාපාර ගොඩනැගීමට අවශ්‍ය මූල්‍ය බලයසමූපාකාර හා ග්‍රාමීය බැංකු හරහා ලබාදීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවශ්‍ය ජාතික සහ ජාත්‍යන්තර වෙළඳපොළ ලබා දීමට අපි කටයුතු කරනවා .


අපි මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේ කුඩා තේවත සඳහන් පොහොර සහනාධාරය ලබා දුන්නා. අද බොහෝ අය ඒ ගැන කතා කරන්නෙත් නෑ. අපි වගකීමකින් කියනවා. 

මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක කරපු කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපි නැවතත් මේ මාතෘ භූමිය තුළ තුළ තුළ ස්ථාපනය කරනවා කියන එක පැහැදිලිව කියනවා.බොහෝ වෙලාවට ආණ්ඩු බලන්නේ ලොකු ව්‍යාපාරිකයා දිහා විතරයි. 

කුඩා තේ වතු හිමියාගේ ආර්ථිකය සංවර්ධනය කරන වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරනවා කියලා මම ප්‍රකාශ කරනවා. 

දේශපාලන නායකයො හිතෙනවා පිටරටින් ගෙනල්ලා කන්න දෙන එක ලාබයි කියලා.  පිටරට ව්‍යාපාරිකයන්ට ප්‍රති අපනයනය කරන්න දෙන එක තමා ලාභම කියලා ආණ්ඩුව හිතන්නේ. 

දේශීය ගොවියාගේ මිල ස්ථාවර කරන්න ඕනේ. ප්‍රති අපනයනය කරන්න ඕන නම් අපි වෙනම කලාපයක් දාලා ඒක කරමු. 

හැබැයි රටේ කරන නිෂ්පාදනයට සාධාරණ මිලක් අපි දෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීමක් තියෙනවා. අපි හැමදාම උත්සාහ කරන්නේ මේ රටේ මිනිස්සු ටික පොහොසත් කරන්න. මිනිස්සුන්ගේ අතට සල්ලි ටික යවන්න. 

එහෙම උනොත් තමයි ජයග්‍රාහී රටක් අපට හදන්න පුළුවන්. දියුණු රටක් අපට හදන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදු තැන පෙරමුණේ බලාපොරොත්තුවත් ඔබ වෙනුවෙන් දියුණු රටක් ගොඩනැගීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියන එකත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. 

අපි රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා කප්පාදු කරන්න අවශ්‍ය නැහැ. අද සමහරු පෙන්නලා දෙනවා මේ රාජ්‍ය සේවය හරි බරක්.

 හැබැයි රාජ්‍ය සේවයේ බඳවාගන්න ඕන තනතුරු වලට බඳවා ගන්න ඕනේ. බඳවාගන්න  අවශ්‍ය තැන්වලට බඳවා ගන්නේ නැතුව දේශපාලනික අවශ්‍යතා ඉටුකරහම රාජ්‍ය සේ බරක් වගේ පේනවා. 

හැබැයි අදටත් සමහර පුරප්පාඩු වලට වසර ගණනාවකින් බඳවාගෙන නැහැ. ඒකෙ අවසානයේ අපහසුතාවයට පත්වෙන්නේ ගමේ ජනතාව.  අපි උත්සාහ කරන්න ඕනේ රාජ්‍ය සේවය සුරක්ෂිත කරනවා වගේම ගෞරවය ආරක්ෂා කරන්න. 

ඒකට අවශ්‍ය තාක්ෂණික විප්ලවය අපි හඳුන්වලා දීලා තියෙනවා. මොකද අපි තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන කණ්ඩායමක්. අපේ පරම්පරාව ගනුදෙනු කරන්නේ තාක්ෂණය එක්ක.  

ඒ නිසා තාක්ෂණයත් එක්ක බද්ධ කරපු රාජ්‍ය සේවාවකට අපි යන්න ඕනේ. ඒ තුළ මේ රටේ ජනතාව පෝලිම්වල ඉඳලා පාස්පෝට් ගත්ත ලයිසන් ගන්න සහතික ගන්න යුගය අපි සැබෑවටම අවසන් කරනවා. 

මැතිවරණ කාලෙට විතරක් නෙවෙයි. අපි දකින්නේ මැතිවරණ කාලෙට පෝලිම් තියෙනවා නම් ඒක අයින් කරගන්නවා. මැතිවරණය ඉවර උනහම ආයේ තියෙනවා. 

අපි ජයග්‍රහයේ බලවේගයක් වගේම ප්‍රතිපත්තිගරුක බලවේගයක්. අපිට ප්‍රතිපත්ති මාරු කරන්න අවශ්‍ය නැහැ නැහැ. සමහර දේශපාලඥයෝ හිතනවා ජනතාව ඉන්නේ දේශපාලනඥයෝ නිසා කියලා. 

හැබැයි ඒ අයට අමතක වෙච්ච කාරණය තමයි දේශපාලඥයෝ ඉන්න ජනතාව නිසා කියන කාරණය. ඔබ තමයි නායකයෝ හදන්නේ. ඔබ තමයි නායකයන්ට ඡන්දෙ දෙන්නේ. ඔබ තමයි නායකයෝ බිහිකරන්නේ.  

ඒ නායකයාට අමතක වෙනවා නම් ඒ නායකයා හැදුනේ ජනතාව නිසා කියලා ඒ කඳවුරට දේශපාලන අනාගතයක් නැහැ."