නීති විරෝධී ලෙස උතුරේ එල් ටී ටී ඊ සැමරුම් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
එමෙන්ම උතුරේ නීති විරෝධී සැමරුම් සිදු කළ බවට අසත්‍ය පුවත් පළ කරන පාර්ශවවලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.