Monday, December 2, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අසීරු අඩියක




දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 05ක් බිඳවැටී තිබෙනවා. 

තරඟයේ තුන්වන දිනය නිමා  වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 103ක්. 

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 29ක් රැස්කරගෙන සිටින අතර නායක ධනංජයද සිල්වා කිසිදු ලකුණක් නොලබා කඩුල්ලේ රැඳී සිටිනවා. 

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25කටත් පැතුම් නිස්සංක ලකුණු 23කටත් දැවී ගියා. කමිඳු මෙන්ඩිස් ලකුණු 10යි. 

දිමුත් කරුණාරත්න ලකුණු 04කට දැවී ගිය අතර ප්‍රභාත් ජයසූරිය දැවී ගියේ එක් ලකුණක් රැස් කර සිටියදීයි. 

තරඟයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 42ක් පමණයි. 

දකණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළ අතර කඩුලු 05ක් බිඳ වැටී ලකුණු 366ක් රැස් කර සිටියදී ඔවුන් සිය දෙවනි ඉනිම අත්හිටවනු ලැබුවා. 

ඒ අනුව තරඟය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 413ක් රැස් කළ යුතු වනවා. 

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදීයි.