Thursday, December 5, 2024

General line - 0115112241

බෝ නොවන රෝග පැතිරීමේ අවදානමක්

ජූඩ් සමන්ත




පවතින අධික වැසි හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු, මී උණ ආදී රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් වර්ධනය විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවේ ඉදිරි දිනවලදී ගංවතුර තත්ත්වය බැස ගිය පසු ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වන බවයි. 


ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.


ගංවතුර හා කුඹුරු ආශ්‍රිතව කටයුතු කරන ජනතාව මී උණ රෝගයෙන් ආරක්‍ෂා වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.