Saturday, November 30, 2024

General line - 0115112241

ජනතාවට සහන දෙන ගමන් ආර්ථිකය ශක්තිමත් කරන හැටි අනුර හෙළිකරයි




ඉදිරියේදී තරුණයන්ගේ අනාගතය තවදුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සමන්තුරේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් විශාල සංවර්ධන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බවයි.


ආණ්ඩුව විසින් සිදු කරන බොරු පොරොන්දුවලට නොරැවටෙන ලෙස රාජ්‍ය සේවකයනක් ඇතුළු සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මැදවච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළා.


රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රය මුල්කර ගනිමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙල ද ඊට පෙර ක්‍රියාත්මක කරන බවයි.