Saturday, November 30, 2024

General line - 0115112241

පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් 95% ක් ජනාධිපති සමග එක් වි ඇති බව එස්.බි දිසානායක කියයි 

හැටන් රංජිත් රාජපක්ෂ   




ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ ආධාරකරුවන් ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වෙමින් සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක පවසනවා.

එස්.බි දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ (01) දින පස්වරුවේ නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක මහතා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 95% ක් පමණ මේ වන විට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වි ඇති බවයි.

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ඉදිරි දින කිහිපය තුල අනෙකුත් පක්ෂ වල ආධාරකරුවන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්විමට නියමිත බැවින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.