Saturday, November 30, 2024

General line - 0115112241

ගැටළු රැසක් විසඳන විදිය නාමල් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් රටට කියයි




ඩිජිටල්කරණයට ලක් කිරීම තුළින් රටේ බොහෝ ගැටළුවලට විසඳුම් ලබාදිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ හරහා රාජ්‍ය සේවය අභිමානවත් සේවාවක් බවට පත් කිරීමට හැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීම සඳහා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම අදහස් පල කළා.


ආරක්ෂක අංශ දේශපාලනීකරණයට ලක් වූ යුගය අවසන් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මැදවච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ සිවිල් ආරක්ෂක නිලධාරින්ට සිදුවන්නට වූ අසාධාරණයක් වැලැක්වීමට ද තමන් කටයුතු කළ බවයි.

මහජනතාව රැකබලා ගන්නා ආණ්ඩුවක් සිය පක්ෂය බිහි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එවැනි ආණ්ඩුවක් මෙරට බිහි වන්නේ පළමු වරට බවයි.


තරුණ තරුණියක් 50,000ට විදේශ ගත වීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.