Saturday, November 30, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම බලයක් ඉල්ලයි

කාංචන ආරියදාස




නියම වී ඇති රුපියල් 109ක මුදලට වඩා වැඩි මුදලක් ඡන්ද දායකයින් වෙනුවෙන් වියදම් කර ඇති බවට ඔප්පු වුවහොත් ඔහුගේ ධූරය අහිමි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එමෙන්ම වසර තුනක කාලයක් එවැනි පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි වන බවයි මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එලෙස නීතිමය පියවර ගත් අපේක්ෂකයන් කිහිපදෙනෙකු පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණා.


ජනාධිපතිවරණය අවසන් වී අපේක්ෂකයන් ලබාදෙනු ලබන ආදායම් වියදම් වාර්තා ඡන්ද දායකයින්ට නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසන බවද ඔහු මෙහිදී පැවසුවා.


කෙසෙවෙතත් නඩු පැවරීමේ බලය සිය කොමිසම වෙත මෙතෙක් ලැබී නොමැති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් පැවසුවේ.