ජපානයේ 17 හැවිරිදි පාසල් සිසුවියක් සියදිවි නසා ගැනීමට ගොඩනැගිල්ලකින් පහළට පැනීමේදී අසළ පදික වේදිකාවේ ගමන් කළ කාන්තාවකගේ සිරුර මතට වැටීමෙන් දෙදෙනාම මිය ගොස් තිබෙනවා.
යොකෝහාමා නගරයේ සාප්පු සංකීර්ණයක 12 වැනි මහලෙන් එම පාසල් සිසුවිය පහළට පැන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී මිතුරන් තිදෙනෙකු සමඟ ගමන් කරමින් සිටි 32 හැවිරිදි කාන්තාවකගේ සිරුර මතටයි ඇය වැටී ඇත්තේ.
අනතුරෙන් කාන්තාව සහ සිසුවිය බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ කාන්තාව යොකොහාමා ප්‍රාන්තයේ මිඩෝරි වෝඩ් හි ජීවත් වූ ආයතනික සේවිකාවක් බවයි වාර්තා වන්නේ. පාසල් සිසුවිය ජම්පර් චිබා ප්‍රාන්තයේ කිමිට්සු නගරයේ ජීවත් වූ උසස් පාසලක තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.
මෙම සිද්ධිය ගොඩනැගිල්ලේ තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ සිසුවිය සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ජපාන මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය වසරේදී ජපානයේ සිසු සිසුවියන් 513 දෙනෙක් සියදිවි නසාගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාසල් ගැටළු පවුල් තත්ත්වයන්, මිතුරන් සමඟ පුද්ගලික ගැටළු සහ හිරිහැර කිරීම් මීට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ