Saturday, November 30, 2024

General line - 0115112241

ඡන්දය සලකුණු කරන විදිය කොමිසම පහදයි

නිරෝෂන් කොළඹ




ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ එක් අපේක්‍ෂකයෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊට අමතරව අපේක්‍ෂකයන් දෙදෙනෙකු වෙනුවෙන් දෙවන සහ තුන්වන මනාපය සලකුණු කළ හැකි බවයි එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.


සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්‍ෂේප වන්නේ කෙසේද? 


මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා තැපැලට භාරදීම අද දිනයේ ආරම්භ වුණා.

ඒ අනුව ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු හෙට සිට සිදු කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

ජනාධිපතිවරණය අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 04 වනදා ආරම්භ වනවා.

එදිනට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකුණු කිරීම සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ලබන 05 වනදා සහ 06 වනදා රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින වෙන්කර තිබෙනවා. 

ඉහත දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 වනදා හා 12 වනදා සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.