Saturday, November 30, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන ප්‍රකාශයට




මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන අද ප්‍රකාශයට පත් කෙරුණා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ ලබන 15 වනදා පෙරවරු 9.30 සිට 10.45 දක්වා ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන බවයි.

පෙරවරු 11.15 සිට මධ්‍යහ්න 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2,849 කදි පැවැත්වීමට නියමිතයි. 

විභාගය සදහා අයදුම් කළ විභාග අපේක්‍ෂකයන්ගේ පැමිණිමේ ලේඛණය අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මගින් යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

මෙතෙක් එම ලේඛන ලැබී නොමැති විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි වෙත පිවිසීමෙන් භාගත හැකි වනවා.

එහි සදහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළයුතු නම් ලබන 9 වනදා දක්වා මාර්ගගතව සංශෝධනය කිරීමට පහසුකම් සලසා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් පැවසුවා.