Saturday, November 30, 2024

General line - 0115112241

මැතිවරණ වේදීකාවෙන් ඉවත්කරන සටන් පාඨයක් නාමල් කියයි




ජනතාවට ඕනෑම මොහොතක පහසුවෙන්ගමන් කළ හැකි ශක්තිමත් ප්‍රවාහන සේවයක් ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොදු ප්‍රවාහන සේවය වෙනුවෙන් සිය රජය වැඩි අවධානයක් යොමු කරන බවයි. 


ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සණස ව්‍යාපාරය මගින් ආරම්භ  කරන  වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හදුන්වා දීම වෙනුවෙන්  කොළඹ පැවැති  උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.


මුලතිව් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

එම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මුලතිව් නගරය සංචාරක නගරයක් බවට පත් කරන බවයි.


මේ අතර වංචාව සහ දූෂණය යන සටන් පාඨය මැතිවරණ වේදීකාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීම සඳහා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.