Saturday, November 30, 2024

General line - 0115112241

අප්‍රිකානු රටවල් රැසක නායකයන් චීනයට




අප්‍රිකානු රටවල් රැසක නායකයන් බෙයිජිං නගරයට පැමිණ තිබෙනවා 

සැම්බියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, නයිජිරියාව, ගිනියා යනාදී අප්‍රිකානු රටවල් රැසක ‍ ජනාධිපතිවරුන් ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඒ  FOCAC 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීම සඳහා 

මෙම සමුළුව සැප්තැම්බර් 4 – 6 යන දිනවල බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතයි.

චීනය රට තුළ සංවිධානය කළ විශාලතම හා වැඩිම විදෙස් නායකයින් පිරිසක් සහභාගී වන රාජ්‍යතාන්ත්‍රික සමුළුවද වෙනවා 

‘එක්සත්ව නවීකරණය ප්‍රවර්ධනය කරමින්, පොදු ඉරණමක් සහිත උසස් මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැගීම’ මෙවර සමුළුවේ තේමාව වනවා.

එහිදී අප්‍රිකානු රටවල් 50 ක පමණ නියෝජිතයින් චීනයේ දී තවදුරටත් සහයෝගීතාවය සහ ඒකාබද්ධ නවීකරණය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම නායක සමුළුවට එක් වන විදෙස් නායකයන් හමු වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

2000 සිට සෑම වසර තුනකට වරක් අමාත්‍ය මට්ටමේ සම්මන්ත්‍රණයක් පවත්වා ඇති අතර  2006 සහ 2018 දී බීජිං හි සහ 2015 දී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි නායකත්ව මට්ටමේ සමුළු තුනක් පවත්වා තිබෙනවා