Monday, October 7, 2024

General line - 0115112241

මෝදි අද බෲනායි වෙත




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 
බෲනායි සහ සිංගප්පූරු සංචාරය අදින් ආරම්භ වනවා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා අද බෲනායි වෙත පැමිණීමට නියමිතයි.

එරට දින දෙකක් රැඳී සිටින අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව එනම් 05 වනදා සිංගප්පූරුව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

සිංගප්පූරුව යනු ඉන්දියාවේ නැගෙනහිර ප්‍රතිපත්තියේ සහ ඉන්දු - පැසිෆික් දැක්මෙහි වැදගත් හවුල්කරුවන් බව ප්‍රකාශ කරමින්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ දෙරටේ සංචාරයන් දෙරට සහ විශාල ආසියාන් කලාපය සමඟ නවදිල්ලියේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවට විශ්වාසය කරන බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු බෲනායි වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.


දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් මෝදිගේ මෙම බෲනායි සංචාරය සිදු කෙරෙනවා.

එරට සුල්තාන් හාජි හසනල් බොල්කියා සහ රාජකීය පවුලේ අනෙකුත් ගෞරවනීය සාමාජිකයින් සමඟ මෝදි එහිදී රැස්වීම් පවත්වනු ඇත.