Tuesday, September 17, 2024

General line - 0115112241

පකිස්තානයේ රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම්




නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් කිරීම නැවැත්වීම සඳහා අවසරයකින් තොරව සියලුම රජයේ සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පාකිස්තාන රජය නියෝගයක් නිකුත් කර තිබේ.

ආයතන අංශය විසින් නිකුත් කරන ලද කාර්යාල සංදේශයකට අනුවල 1964 රජයේ සේවක :චර්යා* රෙගුලාසි යටතේ ඇති උපදෙස් පිළිපදින ලෙස රජයේ සේවකයින්ට දන්වා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එම නියෝගයට අනුවල අවසරයකින් තොරව රජයේ සේවකයින්ට කිසිදු සමාජ මාධ්‍ය වේදිකාවක් භාවිතා කිරීමට ඉඩ නොදේ. 

 ර්‍ණරජයේ කීර්තිනාමයට බලපාන අදහස් හෝ කරුණු ප්‍රකාශ කිරීමට රජයේ සේවකයන්ට නොහැකිය” යනුවෙන් එම සංදේශයේ සඳහන් කර ඇති අතරල රජයේ ප්‍රතිපත්තිල තීරණල ජාතික ස්වෛරීභාවය සහ අභිමානයට එරෙහිව කතා කිරීමට සේවකයන්ට අවසර නොමැති බවද සඳහන් බව පැවසේ.

රාජ්‍ය සේවකයින්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය වේදිකාවල තම අදහස් හෝ දේශපාලන මතවාද ප්‍රචාරය කළ නොහැකි බව එහි වැඩිදුරටත් සඳහන්.

එම නියෝගයෙන් නිකුත් කර ඇති නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් රජයේ සේවකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද රජය දැනුම් දී ඇතැයි පකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත.