Tuesday, September 17, 2024

General line - 0115112241

චීනය ගැන නවසීලන්ත බුද්ධි අංශයෙන් රතු එළියක්




නවසීලන්තයේ ඔත්තු සේවය එරට රජයට චීනය සම්බන්ධයෙන් අනතුරු අගවා තිබේ.

නවසීලන්තයේ රාජ්‍ය ඔත්තු සේවය පවසන්නේ චීනය යනු සංකීර්ණ මෙන්ම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු පාර්ශවයක් බවයි.

ඔවුන් එහිදී පවසා ඇත්තේ චීනයේ ඔත්තු බැලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම නවසීලන්තය විදේශ මැදිහත්වීම්වලට ගොදුරු විය හැකි බවට ද රාජ්‍ය බුද්ධි සේවය අනතුරු අගවා ඇතැයි සඳහන්.

වාර්ෂික වාර්තාවක් නිකුත් කරමින්, නවසීලන්ත ආරක්ෂක බුද්ධි සේවය පැවසුවේ රටවල් කිහිපයක් එහි වෙරළ තීරයේ “ද්වේෂ සහගත ක්‍රියාකාරකම්” සිදු කරන බවයි.

නමුත් චීනයේ උත්සාහයන් සංකීර්ණ හා රැවටිලිකාර බව නවසීලන්තය පවසා තිබේ.

"ඉතා ලිබරල් විදේශ රාජ්‍යයන් කුඩා සංඛ්‍යාවක් විදේශයන්හි තම අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේ මෙවලමක් ලෙසට එරෙහිව විදේශ මැදිහත්වීම්වල නියැලෙනවා" යනුවෙන් එම වාර්තාව මගින් පෙන්වා දී ඇති අතර විදේශීය බලපෑම් හේතුවෙන්  රටවල් අතර තීරණාත්මක සම්බන්ධතා ඇති කර ගැනීම දුෂ්කර විය හැකි බව ද එම වාර්තාව පෙන්වා දී ඇත.