Wednesday, January 15, 2025

General line - 0115112241

ජනපති අපේක්‍ෂකයින්ගේ විවාදය සජීවිව දෙන්න නෙත් සූදානම්




2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාද මාලාවේ පළමු අදියර පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ජනාධිපති ධූර අපේක්‍ෂකයින් සිව් දෙනෙකු සහභාගි වන එම විවාදය පස්වරු 3ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වන බවයි. 

විවාදයට එක්වීම සදහා තමන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් යළි අවධානය යොමු කරන ලෙස ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගෙන්  ඉල්ලා සිටින බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර මෙම විවාදය පස්වරු තුනේ සිට සජීවීව ප්‍රචාරය කිරීම සදහා නෙත් එෆ් එම් රේඩියෝව මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

ඒ අනුව දිවයිනපුරා සිටින නෙත් ශ්‍රාවකයන්ට එෆ් එම් 94යි දශම 8 හෝ එෆ් එම් 95 ඔස්සේ ජනාධිපති අපේක්‍ෂකයන් එක්වන එම විවාදය ශ්‍රවණය කළ හැකියි. 

එමෙන්ම මෙරට මෙන්ම ලොවපුරා සිටින නෙත් ශ්‍රාවකයන්ටද nethnews.lk වෙබ් අඩවිය, නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව සහ නෙත් නිවුස් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද සජීවිව එය නැරඹිය හැකි වනවා.