Wednesday, January 15, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී වාහන ලබා දෙන විදිය මාලිමාව පහදයි




තම ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ ආණ්ඩුව සතු වාහන සංචිතයේ වාහනයක් පමණක් බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි නීතීඥ සුනිල් වටගල මහතා පැවසුවේ එලෙස ලබා දෙන වාහනයට මන්ත්‍රීවරයා අකමැති වේ නම් ඔහුට අදාල වාහනය අහිමි වන බවයි.

කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම ආණ්ඩුව යටතේ වාහන බලපත්‍ර ලබා නොදෙන බවයි ඔහු සදහන් කලේ. ජාතික ජන බලවේගයේ නීතීඥ සුනිල් වටගල මහතා මෙම අදහස් පල කලේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.

මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් තොරතුරු තාක්ෂණය හා ඒ අයි තාක්ෂණය පිළිබද වැඩිම දැනුම ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සතුව බව එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා පවසනවා.

ඔහු කියා සිටියේ නාමල් රාජපක්ෂ මහතා සතු එම දැනුම රටේ ඩිජිටල් තාක්ෂණය ඉදිරියට ගෙන යාමේදී අතිශය වැදගත් බවයි.

අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය සම්පූර්ණ වැඩසටහනේ විඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.