Tuesday, September 17, 2024

General line - 0115112241

පකිස්තානයේ අපරාධ වාර්තා ගත ලෙස ඉහළ යයි




පාකිස්තානය තුළ අගෝස්තු මාසයේදී වාර්තා වූ අපරාධ වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ගත වූ වසර 06 ක කාලය සමග සසඳා බලන විට පකිස්තානයෙන් වැඩිම අපරාධ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේදී බව‍යි.

ඉකුත් අගෝස්තු මාසයේදී පකිස්තානයෙන් රාජ්‍ය විරෝධී ප්‍රචණ්ඩත්වයේ භයානක නැගීමක් පෙන්නුම් කෙරෙන බවයි ඉස්ලාමාබාද් පදනම් කරගත් චින්තන මණ්ඩලයක් සඳුදා ප්‍රකාශ කළේ.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බලෝකිස්තානයෙන්.

අගෝස්තු මාසයේදී අවම වශයෙන් සිවිල් වැසියන් 92 ක්, ආරක්ෂක භටයින් 54 ක් දිවි පිදූ අතර සටන්කාමීන් 108 ක් පාකිස්තානය පුරා මිය ගිය අතර සිවිල් වැසියන් 88 ක්, ආරක්ෂක නිලධාරීන් 35 ක් සහ සටන්කාමීන් 27 ක් ඇතුළු තවත් පුද්ගලයින් 150 ක් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තුවාල ලැබූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ජීවිත හානිවලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ රට තුළ සිදු වූ සටන්කාමී ප්‍රහාර 83 කින්.

ජූලි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා එලෙස එල්ල වූ ප්‍රහාරවලින් සිදු වූ අතර, සිවිල් වැසියන් 92 ක් සහ ආරක්ෂක නිලධාරීන් 47 ක් මිය ගොස් තිබෙනවා.

එම ප්‍රහාර හමුවේ තවත් සිවිල් වැසියන් 88 ක් සහ ආරක්ෂක භටයින් 35 ක් ඇතුළු තවත් 123 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.

අගෝස්තු මාසය තුළ ආරක්ෂක මෙහෙයුම් මගින් සටන්කාමීන් 72 ක් සහ ආරක්ෂක භටයින් 7 ක් ඇතුළුව 79 දෙනෙකු මිය ගිය අතර සටන්කාමීන් 27 දෙනෙකු තුවාල ලබා ඇත. ආරක්ෂක අංශ විසින් සටන්කාමීන් බවට සැකකරන 12 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.