Wednesday, January 15, 2025

General line - 0115112241

ජනපති අපේක්ෂකයින්ගේ විවාදයේදී සජිත්, නාමල් සහ අරියනේත්‍රන්ගේ පුටු හිස් වෙයි




2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාද මාලාවේ පළමු අදියර අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත් වුණා.

විවාදය පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද එය පස්වරු 03.30 දක්වා කල් තැබීමට සංවිධායකයින්ට සිදු වුණේ ජනපති අපේක්ෂකයින් තිදෙනෙකු එම විවාදයට එක්ව නොසිටීම හේතුවෙන්.

සර්ව ජන ජනපති ධූර අපේක්ෂක දිලිත් ජයවීර මහතා විවාදයට එක්වීම සඳහා නියමිත වේලාවට පැමිණ සිටියා.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැමිණිය ද ඊට එක් වූයේ නැහැ.

ඒ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදයට සහභාගී නොවීම හේතුවෙන් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

විපක්ෂ නායකවරයා අදාළ විවාදයට එක්වන බවට පෙර සිටම දැනුම් දී තිබුණ ද පස්වරු 01.00න් පමණ පසු ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ජනපති ධූර අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේත්‍රන් මහතා ද විවාදයට එක්ව සිටියේ නැහැ. 
කෙසේවෙතත් සර්ව ජන ජනපතිධූර අපේක්ෂක දිලිත් ජයවීර මහතා සමඟ එම විවාදය පැවැත්වීමට මාර්තු 12 ව්‍යාපාරය කටයුතු කළා.

මේ එහිදී අදහස් දැක්වූ සර්ව ජන ජනපතිධූර අපේක්ෂක දිලිත් ජයවීර මහතා.

මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද මෙහිදී අදහස් පල කළා.

සැලසුම් කළ පරිදි හෙට සහ අනිද්දා දිනවලදී ද එම විවාදය පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.