Tuesday, September 17, 2024

General line - 0115112241

එංගලන්තයෙන් පළමු ඉනිමට ලකුණු 325ක අභියෝගයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස්කරගෙන සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිළිවෙලින් ලකුණු 24ක් හා 09ක් රැස් කරගෙන සිටිනවා. 

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත නායක ඔලී පොප් පන්දු 156කදී රැස් කල ලකුණු සංඛ්‍යාව 154ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් වුණා. බෙන් ඩකට් ලකුණු 86යි.

කෙසේවෙතත් එංගලන්ත සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. මිලාන් රත්නායක කඩුලු 03ක් දවා ගත්තා.

විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ නායක ධනංජය ද සිල්වා අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

අසිත ප්‍රනාන්දු ද එක් කඩුල්ලක් දවා ගත්තා.

ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද වනවා.