Tuesday, September 17, 2024

General line - 0115112241

අනාගතය පිළිබඳ කතා කිරීමට නොහැකි අයට රටේ අනාගතය භාර ගැනීමට අයිතියක් නැහැ - ජනපති කියයි




ව්‍යාපාරිකයන්ට හිතකර පරිසරයක් ඉදිරියේදී නිර්මාණය කරන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ පැවති ව්‍යාපාරිකයින්ගේ හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළා.

2025 මහ කන්නය මෙරට වැඩිම වී නිෂ්පාදනය කළ මහ කන්නය බවට පත් කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පුත්තලම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ ගොවීන්ට සහන සැලසීමට ද සිය ආණ්ඩුව කටයුතු කරන බවයි.

රටේ අනාගතය පිළිබඳ කතා කිරීමට නොහැකි කිසිවෙකුට රට භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති ධුර අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතැම් කරුණුවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ඒ, ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් සංවිධාන කළ බැංකුකරුවන් සහ මූල්‍ය කටයුතු පිළිබඳ සමුළුවට එක්වෙමින්.

තානාපති කාර්යාල හෝ වෙනත් රටවල සංවිධානවලට අවශ්‍ය ආකාරයේ ප්‍රතිපත්ති සිය පක්ෂය විසින් සකස් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

අලුත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.