Tuesday, September 17, 2024

General line - 0115112241

මුහුදේ පාවෙමින් තිබු කේරළ ගංජා 188kg නාවික හමුදා භාරයට




මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 188කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව සිදුකල මෙහෙයුමකදීයි.

එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර 05ක තිබී මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

සිය මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව කිසියම් පිරිසක් එම කේරළ ගංජා තොගය එලෙස මුහුදේ අතහැර දමා පලා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වනවා.

සිය භාරයට ගත් එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම්වලදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1,242 ක පමණ තොගයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.