Tuesday, September 17, 2024

General line - 0115112241

ලෝක ශුරතා මල්ලව පොර තරඟවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්




ස්පාඤ්ඤයේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා මල්ලව පොර ශූරතාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නෙත්මි අහිංසා සමත්වී තිබෙනවා.

ඇය මෙහිදී විනාඩි 8කට වැඩි කාලයක් තරගයේ නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

එය මෙරට මල්ලව පොර ක්‍රීඩිකාවක් වැඩි වේලාවක් තරගයේ රැඳී සිටි අවස්ථාව ලෙස සැලකෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මල්ලව පොර ඉතිහාසයේ ශ්‍රී ලංකික ක්‍රීඩිකාවකගෙන් උසස්ම පදක්කමට හිමිකම් කීමට නෙත්මි අහිංසා මෙහිදී සමත් වී තිබෙනවා.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීයය ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරග ඉසව් රැසකදී මීට පෙර ද නෙත්මි අහිංසා පදක්කම් දිනාගනු ලැබුවා.