Tuesday, October 22, 2024

General line - 0115112241

එංගලන්තයට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට




එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා වැඩි වාසි සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායමට හිමිව තිබෙනවා.

එම තරගය ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 125ක් පමණයි.

තරගයේ තුන්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස් කරගෙන සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු 8කට දැවී ගියා.

පැතුම් නිස්සංක පන්දු 44කදී ලකුණු 53ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 25කදී ලකුණු 30ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 263ක් පමණයි.

කෙසේවෙතත් එංගලන්ත කණ්ඩායමේ දෙවෙනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ලහිරු කුමාර ලකුණු 21කට කඩුලු 04ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 40කට කඩුලු 03ක් දවා ගත්තා.

අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් ද මිලාන් රත්නායක එක් කඩුල්ලක් ද දවා ගනු ලැබුවා.

දෙරට අතර තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදීයි.