Friday, November 29, 2024

General line - 0115112241

ඉන්දියාව සහ කන්කසන්තුරේ අතර නැව් සේවාව තවත් පුළුල් කෙරේ

දිනසෙන් රතුගමගේ




සතියේ දින තුනකට පමණක් සීමා වී තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන නැව් සේවාව මේ මස 21 වනදා සිට දින 04ක් දක්වා දීර්ඝ කිරීමට එම නැව් සේවාව ක්‍රියාත්මක කර “ශිවගංගී” නැව් සමාගම තීරණය කර තිබෙනවා.

මෙම නැව් සේවයේ දෙවන අදියර ආරම්භ කිරීමෙන් පසුව මේ දක්වා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනයන්හීදී පමණක් එම නැව් සේවාව ක්‍රියාත්මක වුණා.

මේ වනවිට මගීන්ගෙන් ලැබී ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අතිරේක දිනයක් ලෙස සෙනසුරාදා දිනයේ ද නැව් ගමන් වාර ක්‍රියාත්මක කිරීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම මස 21 වනදා සිට ඉන්දියාව සහ කන්කසන්තුරේ අතර නැව් ගමනා ගමනායේ කාල සටහන ද වෙනස් වී තිබෙනවා.

නාගපට්ටිනම් සිට උදෑසන 08.00ට ගමන් අරඹන නෞකාව කන්කසන්තුරේ සිට නැවත පස්වරු 02.00ට පිටත් වීමටයි සැලසුම් කර ඇත්තේ.