ගම්පොළ, අඟුරුමුල්ල ප්‍රදේශයේදී විදුලිසැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
අදාළ පුද්ගලයා වෙනත් අයෙකුගේ ඉඩමකට අනවසරෙන් ඇතුළු වී ගම්මිරිස් කැඩීමට ගොස් සිටියදී එම ඉඩම වටා යොදා තිබූ අනවසර විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇති බවයි ගම්පොළ පොලීසිය පැවසුවේ.
අදාළ ඉඩමේ හිමිකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.