Wednesday, January 15, 2025

General line - 0115112241

ඇමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර දෙවන විවාදය අද




ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව පැවැත්වෙන දෙවන විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක උප ජනාධිපති කමලා හැරිස් අතරයි 

මෙම විවාදය ඇමෙරිකා වේලාවෙන් අද රාත්‍රී 9ට ෆිලඩෙල්ෆියා හි ජාතික ව්‍යවස්ථා මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිට පෙර පළමු වටයේ විවාදය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජනපති ජෝ බයිඩන් අතර විවාදය පැවැත්විය  

මෙම විවාදයේදී ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ට්‍රම්ප් දෙදෙනාට දෙදෙනා චෝදනා එල්ල කර ගෙන තිබුනා

ට්‍රම්ප් ගේ අපරාධ සම්බන්ධයෙන් බයිඩන් චෝදනා කර තිබෙන අතර  නිල් චිත්‍රපට නිළියක් සමග ට්‍රම්ප් ගේ තිබූ සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් ද බයිඩන් මෙම විවාදයේදී මතු කර තිබු අතර ට්‍රම්ප් එම චෝදනාව ප්‍රතික්ෂේප කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නමුත් මෙම විවාදය සම්බන්දයෙන් දේශපාලන විචාරකයෝ පවසා සිටියේ බයිඩන් ගේ ප්‍රතිචාර සහ සමහර උත්තර සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් ඩිමොක්‍රටික් ආධාරකරුවන් සතුටු නොවූ බවයි 

පසුව ජෝ බයිඩන් තරඟයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස  උප ජනාධිපති කමලා හැරිස් නම් කර තිබුනා.

ඒ බී සී නාලිකාව විවාදය මෙහෙයවන අතර ජාත්‍යන්තර ප්‍රධාන පෙළේ රූපවාහිනි නාලික ඔස්සේ එය සජීවිව විකාශය කිරීමට නියමිතයි 

ෆිලඩෙල්ෆියා හි ජාතික ව්‍යවස්ථා මධ්‍යස්ථානයේ  පැවැත්වෙන මෙම විවාදය ප්‍රේක්ෂකයින්ට එම අවස්ථාවට සහභාගී වීමට අවසර ලබා දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.