Saturday, December 21, 2024

General line - 0115112241

අඩපන වුනු අධිවේගී මාර්ග ව්‍යාපෘති තමා අවසන් කරන බව නාමල් කියයි




මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ කළ අධිවේගී මාර්ග සැලසුමේ ඉතිරි කොටස සිය රජයක් යටතේ යළි ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මඩකලපුව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එකවෙමින් ඔහු මේ බව කියා සිටියා.